Tuesday, July 12, 2016

කොතරම් පිරිසිදුව සිටියත් කුරුලෑ ඇති වෙන්නේ ඇයි/treatment for pimples in sinhala

කොතරම් පිරිසිදුව සිටියත් කුරුලෑ ඇති වෙන්නේ ඇයි? 

කුරුලෑ ඇතිවෙන්න හේතු ගණනාවක්‌ තිබෙනවා. තරුණ වියේ පසුවන අයට කුරුලෑ ඇති වීම ස්‌වාභාවික තත්ත්වයක්‌ ලෙස සලකන්න පුළුවන්. එයට හේතුව, යොවුන් වියේදී ශරීරයේ සිදුවෙන හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්‌කම් ය. යොවුන් වියේදී හැරුන විට ශරීරයේ හෝමෝන වෙනස්‌වීම් සිදුවන කවර අවස්‌ථාවකදි වුවද කුරුලෑ ඇති වීමට පුළුවන. ඒ ගැන කාන්තා ඔබට අත්දැකීම් ඇති. කාන්තාවකගේ මාසික ඔපස්‌වීම ආසන්න වන විට ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්‌වීම් නිසා කුරුලෑ හටගන්නවා. ඒ වගේම නිදි වැරීම, අධ්‍යාපන කටයුතුවල වෙහෙසවීම, මානසික ප්‍රශ්න ආදී හේතුන්ද කුරුලෑ සැදීමට මග පාදනවා.

මේ කිසිදු හේතුවක්‌ නැති වුණත් ඇතැම් විට ආරෙට ද කුරුලෑ ඇති වෙන්නට පුළුවන්.

තෙල් සහිත සම කුරුලෑවලට ඉඩ සලස්‌වනවා. තෙල් සහිත සමක්‌ තිබෙනවා නම් ඉතාම පිරිසිදුව සිටීමට වගබලා ගත යුතුයි.

කුරුලෑ කියන්නේ රෝග තත්ත්වයක්‌. සම මත පිහිටා ඇති රෝම කූපවලට තෙල් කුණු, දූවිලි එකතු වී බැක්‌ටීරියා ක්‍රියාකාරී වීම නිසා කුරුලෑ ඇති වීම සිදුවේ. එහෙම නම් මුලින්ම කුරුලෑවලට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි. ඉන්පසුව රූපලාවන්‍ය සත්කාර කරා යොමුවන්න. කුරුලෑ ඇති විට අනිවාර්යයෙන්ම ශාක සාර ආලේප වර්ග තෝරා ගැනීමට මතක තබා ගන්න.

කුරුලෑ ඇති වූ පසු සුවකිරීමට වඩා වළක්‌වා ගැනීම ඉතාම වැදගත්. අවශ්‍යම දේ පිරිසිදුකමයි. ඔබට ගැලපෙන ෆේස්‌වොෂ්, ක්‌ලෙන්සර් භාවිත කර මුහුණ පිරිසිදු කරගන්න. අනෙක්‌ කාරණය නම් කිසිම හේතුවක්‌ නිසා කුරුලෑ කඩන්න එපා. එයින් ඇතිවන කුරුලෑ ඉවත් කිරීම ඉතාම අපහසුයි.



බ්ලැක් හෙඩ්ස් හා acne කැළැල් ඉවත් කිරිමට


තැන තැන මතුවි එබිකම් කරන බ්ලැක් හෙඩ්ස් නිසා සමහර විට ඔබ අපහසුතාවයට පත්වි ඇති. සමහරු තමාට නොදැනීම, පිරිසක් ඉදිරියේදි පවා තමාගේ නහය මත ඇති බ්ලැක් හෙඩ්ස් ස්පර්ශ කරමින් ඒවා ඉවත් කරන්නට වෙහෙසෙනවා අපි දැක තිබෙනවා මෙම ක්‍රියාව නිසා ඔබ වගේම අවට සිටින අයත් අපහසුතාවය පත්වෙන්න පුළුවන්, ඉතිං මේ බ්ලැක් හෙඩ්ස් නැතිකරගන්න මේ ප්‍රතිකාරය අත්හදා බලන්න, තරමක ලෙමන් කැබැල්ලක් ගෙන අදාල ස්තානයේ සම මතුපිට මෘදුව අතුල්ලන්න, මෙය සෑම දිනකම මිනිත්තු කිහිපයක් කරන්න ,ටික දිනකින්ම ඔබට ප්‍රතිඵල දැක ගත හැකිවෙයි ,ලෙමන් වල ඇති ආම්ලික සංඝටක බ්ලැක්හෙඩ්ස් මත ක්‍රියා කර ඒවා ඉවත් කරන්නට ක්‍රියා කරනු ඇත, ඉතිං කෘතිම රසායනික ආලේපන වලින් ඈත්වි මේ ස්වභාවික ප්‍රතිකාර ක්‍රමය ඔබත් අදම අත්හදා බලන්න.

No comments:

Post a Comment